මහා පරාමාණ වංචා හා දූෂණ සඳහා අදාළ කිසිම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිමට පොලිස්පතිවරයා නියෝග කර ඇතැයි යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා කළ ප්රකාශ්ය කරුණු වටහාගැනිමකින් තොරව කළ ප්‍රකාශයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන සෑම අවස්ථාවකදිම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරිමටත්, සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට අවශ්‍ය වන්නේ නම් ඒ සම්බන්ධයෙන් නිතිපති උපදෙස් ලබා ගන්නා ලෙසටත් පොලිස්පතිවරයා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පතිවරයාට උපදෙස් දී තිබෙන බවත් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනය දැක්වෙයි.
පොලීසිය නිකුත් කළ නිවේදනය