මඩකලපුවේදි 2005/12/25 දා හිටපු පාර්ලිමේන්තු මන්ත්රි ජෝෂප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සිද්ධියට අදාළ පරික්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශණය කරන අතර පසුගිය 06 දා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවා ගෙන විමර්ශණ කරන බව පොලීසිය කියයි.