මන්ත්රී නිවාඩු නිකේතනයේ බඹර වද ඉවත් කරයි
පාර්ලිමේන්තු මන්ත්රීන් සඳහා මෙරට ඇති එකම නිවාඩු නිකේතනය වන නුවරඑළිය සෙන්පති මැදුරේ ඇති බඹර වද කපා ඉවත් කිරීම බිඟු සම්පත සුරැකීමේ සංවිධානය මගින් සිදුකරන ලදී.
මෙහි සිටින බඹරුන්ගෙන් මන්ත්රීවරුන්ට එල්ල වන බඹර ප්රහාර වළක්වාලීමේ අරමුණෙන් පාර්ලිමේන්තුවේ දැනුම්දීම මත මෙම වැසටහන දියත් කර තිබුණි.
වසර ගණනාවක් පුරා මෙම මැදුරේ ස්ථාන කිහිපයක බඹර වද කිහිපයක් බැඳ ඇති අතර, මේ හේතුවෙන් නිවාඩු ගත කිරීමට පැමිණෙන මන්ත්රීවරුන්ට නොයෙක් වර බඹර තර්ජනයන්ට ලක්වීමට සිදුවිය.
පසුගිය දිනක මන්ත්රීවරයෙකුට බඹර ප්රහාරයක් එල්ල වීමත් සමග මෙම බඹර වද ඉවත් කිරීමට තීරණය කොට තිබුණි.
සෙන්පති මැදුරේ ඉහළ මාලයේ තිබූ මෙම බඹර කපා ඉවත් කිරීම පේරාදෙණිය ඔගස්ටාවත්ත බිඟු සම්පත සුරැකීමේ සංවිධානයට පවරා ඇත්තේ බඹරුන් නොමරා ඉවත් කිරීම සඳහාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.








