මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංකීරණයේ ව්‍යාජ අංක තහඩු සහිත ඩිෆෙන්ඩරයක් තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය රංජන රාමනායක මහතා පවසනවා.
එම වාහනයේ අංකය ගෙන එය රජයේ ලියාපදිංචි කර ඇත්දැයි මෝටර් රථ ලිපාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විමසූ විට එවැනි වාහනයක් ලියාපදිංචි කර නොමැති බවට දැන්වූ බවත් මාදිවෙල පැවැත්වෙන ප්රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
එසේම පසුගිය ආණ්ඩුවේ ඇමතිවරයෙකු විසින් කළ පහරදීම් කිහිපයකට මෙම වාහනය භාවිත කර තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම මාධ්‍ය සාකච්ඡාවට ආනන්ද අලුත්ගමගේ මහතාද එක්ව සිටියි. ඔහු පැවැසුවේ එම වාහනය පිළිබඳව තමා හොඳටම දන්නා බවත්ය.
දැන් නඩු භාණ්ඩයක් තිබෙන බවත් ඒ අනුව විමර්ශයක් කරන ලෙසත් අමාත්‍යවරා පැවැසීය.