පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන නිදහස් තැපැල් පහසුකම් රුපියල් තුන්ලක්ෂ පනස්දහස(350,000) දක්වා වැඩිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාර්ෂික නිදහස් තැපැල් පහසුකම ලෙස දැනට ලබාදෙනුයේ රුපියල් 175,000ක මුදලකි. මෙම තීරණයෙන් පසු එය රුපියල් 350,000ක් දක්වා ඉහළ යන අතර, ඒ අනුව වාර්ෂිකව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා සඳහා ලබාදෙන නිදහස් තැපැල් පහසුකම රුපියල් හත්කෝටි අසූහත්ලක්ෂ පනස්දහසක් (78,750,000ක්) ලෙස වැඩිවේ.
මේ අතර, පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා වර්තමානයේ ලබාදෙන නිදහස් තැපැල් පහසුකම වන රුපියල් 24,000ක මුදල සංශෝධනය කිරීමටත්, එය රුපියල් 48,000ක් දක්වා වැඩිකිරීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන මෙම නිදහස් තැපැල් පහසුකම් වටිනාකම 2007 වර්ෂයෙන් පසුව සංශෝධනය කර නොමැති බැවින් මෙලෙස සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන්කරනු ලබන මුළු මුදල තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායමක් ලෙස සලකන බව මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කරමින් තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එච්.එච්.ඒ. හලීම් මහතා සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසා සිටියේ, &මන්ත්‍රීවරුන්ගේ තැපැල් පහසුකම 2007 වසරේදියි අවසාන වරට සංශෝධනය වෙලා තිබුණේ. වසර 10න් පසුවයි නැවත සංශෝධනය කළේ. ඒ අනුව මෙම මුදල් වාර්ෂිකව වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. මේසම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමකුත් තිබුණා. පක්ෂ විපකෂ කිසිවෙක් මෙයට විරුද්ධ වුණේ නැහැ* යනුවෙනි.