ප්‍රභාකරන්ගෙන් රට බේරාගැනීමට අවුරුදු 02යි මාස 09 ගත වූ බවත්, දකුණේ ත්රස්තවාදියාගෙන් රට බේරගැනීමට අවුරුදු 02යි මාස 08 ක් ගත වූ බවත් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසීය.
“2012 මම හිරෙන් එළියට එද්දි කිව්වා 2015 වෙද්දි දකුණේ ත්රස්තවාදියාගෙන් රට බේරාගන්නවා කියලා. අපි ඒක ඉෂ්ට කළා. මන්ත්‍රී ධුරයක් තිබුණත්, නැතත් මම රටට සේවය කරනවා”යනුවෙන්ද ඒ මහතා මහතා වැඩිදුරටත් පැවසීය.
මැතිවරණ සමයේ ප්‍රහාරයකට ලක්ව ආබාධිතව සිටින කර්නල් චන්ද්‍රසේන මහතාගේ සුවදුක් බැලීමට යුද හමුදා රෝහලට පැමිණි අවස්ථාවේ හෙතෙම මේබව පැවසීය.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු