ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සැසිවාරයට සහභාගී වීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා ප්රමුඛ දූත පිරිසක් ජිනීවා නුවර බලා පිටත්ව ගිය බව කතානායක කාර්යාලය නිවේදනය කරයි.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, වේළුකුමාර් සහ මන්ත්රීනී රෝහිනී කුමාරි විජේරත්න යන මහත්ම මහත්මීහු මෙම සංචාරයට එක්ව සිටිති.
අන්තර් පාර්ලිමේන්තු සැසියේදී ශ්‍රී ලංකාවේ ජෝශප් පරාජසිංහම්, නඩරාජා රවිරාජ්, ටී. මහේෂ්වරන්, ද.මු දසනායක යන මන්ත්‍රීවරුන්ගේ ඝාතනයන් සහ එස්. ශ්‍රී ධරන් මන්ත්‍රීවරයාට එල්ලවූ ඝාතන තර්ජනය පිළිබඳව විශේෂ අවධානය යොමු කරන බවත්, ඒ පිළිබඳව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලාංකික දූත පිරිස කරුණු දැක්වීමට නියමිත බවත් කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.