සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම කාර්යාලයක් පවත්වාගෙන යෑම වෙනුවෙන් ගෙවන ලද රුපියල් ලක්ෂයක මාසික දීමනාව සඳහා අතිරේක ප්‍රතිපාදන ලෙස රුපියල් දහතුන්කෝටි හතළිස්හතර ලක්ෂයක (රු.134,400,000) මුදලක් ලබාගැනීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඊයේ (06දා) ඉදිරිපත් කෙරිණි.
කථානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම පරිපූරක ඇස්තමේන්තුව මගින් 2016.12.07 වැනිදා අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මසකට රුපියල් ලක්ෂයක් ගෙවීම වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන සැලසීම සඳහා අදාළ මුදල ඉල්ලා තිබේ.
සෑම මන්ත්‍රීවරයෙකුටම රුපියල් ලක්ෂය බැගින් කාර්යාල දීමනා ගෙවීමේදී මන්ත්‍රීවරුන් 225 දෙනෙකු සඳහා මසකට රුපියල් දෙකෝටි විසිපන්ලක්ෂයක් වැයවන අතර, ඒ අනුව ගෙවන ලද එම මුදල් ප්‍රතිපූර්ණය කිරීම සඳහා මෙම පරිපූරක මුදල ඉල්ලා ඇත.