මධු සමයේදී අතුරුදන් වූ මනාලයා දාරාඔයදී හමුවෙයි
දෙල්තොට හෝටලයකට මධුසමය ගතකිරීමට ගොස් පසුගිය (29දා) අතුරුදන් වූ මනමාලයා ඊට දින හතරකට පසුව දාරාඔය ප්රදේශයේ මහමග ඇවිද යමින් සිටයදී හමුවී තිබේ. මෙසේ අතුරුදන් වූයේ දෙල්තොට රැලිමංගොඩ පදිංචි ඩී. ධර්මසේන නැමති වයස අවුරුදු තිස්තුනක යුද හමුදා සෙබළෙකි.
ඔහු මුල්ගම ප්රදේශයේ පදිංචි තරුණියක සමග පසුගිය විසිනව වන දින විවාහ වී දෙල්තොට ප්රදේශයේ හෝටලකට මධුසමය ගත කිරීමට පිටත්වී ඇත.
එහිදී රාත්රී දහයයි තිහට පමණ කාමරයෙන් එළියට ගිය ඔහු නැවතත් කාමරයට නොපැමිණි නිසා තරුණියද එළියට පැමිණ විපරම් කොට තිබ්. එවිට එහි සිටි ආරක්ෂක නිලධාරියෙකු පවසා ඇත්තේ ඔහු එළියට යනු තමා දුටු බවයි. දීර්ඝ වේලාවකින් ඔහු නොපැමිණි නිසා ඇය ගලහ පොලීසියට මේ පිළිබඳ පැමිණිලි කර ඇත.
ඊට දින හතරකට පසුව දාරාඔය ප්රදේශයේ මහ මග ඇවිද යමින් සිටි ඔහු දුටු ප්රදේශවාසීහු මේ පිළිබඳව ගලහ පොලිසීයට දැනුම් දුන්හ. ඉන් පසු ගලහ පොලීසිය මගින් ඔහු අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ක්ලාන්ත ගතියකින් පෙළී ඇති නිසා පසුව ප්රතිකාර සඳහා පේරාදෙණිය මහ රෝහලට ඇතුළත් කොට ඇත.
මේ පිළිබඳව ඔහුගෙන් විමසීමේදී ප්රකාශ කොට ඇත්තේ පසුදා මනමාලිය නිවසට කැඳවාගෙන යාමට මුදල් තමා සතුව නොපැවති නිසා එය තමාගේ හිතට වදයක් වූ බැවින් ඒ පිළිබඳ කල්පනා කරමින් හෝටලයෙන් එළියට ගිය බවයි. එසේ ගොස් ලූල්කදුර තේ වත්තේ ඇති ගල්ගුහාවකට වී සැඟවී මෙම දින කිහිපය සිටි බවත් මෙම දින කිහිපය තුළ කිසිම අහරක් නොලැබුණු බවත්ය.
තලාතුඔය අසේල වික්රම
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

