ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබාදෙන බව මධ්‍යම පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිලක් බණ්ඩාර, නාවුල ප්‍රාදේශීය සභා සභාපති සනත් දසනායක, නාවුල ප්‍රාදේශීය සභා උපසභාපති නිමලසිරි බණ්ඩාර යන මහජන නියෝජිතයෝ අද (13දා) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළහ.
එහිදී ඔවුන් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම නව ජනාධිපතිවරයාද ශක්තිමත් කිරීමට මෙම තීරණය ගත් බවයි.