ශ්‍රී පාද රක්ෂිතය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත බව කියන නිවාඩු නිකේතනය සම්බන්ධයෙන් පාරිසරික වාර්තාවක් කැඳවීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර ඇත. ඒ අනුව එම නිවාඩු නිකේතනය ඉදිකිරීම සම්බන්ධයෙන් පාරිසරික තත්ත්ව වාර්තාවක් ලබාගැනීමට පළාත් පාරිසරික අධ්යක්ෂවරයාට නියෝගකර තිබේ.
අදාළ නිවාඩු නිකේතනය ඉදිකිරීම පිළිබඳ විවිධ පාර්ශව වලින් ලැබී ඇති පැමිණිලි හේතුවෙන් මෙය සිදුකිරීමට තීරණය කළ බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලාල් ධර්මසිරි මහතා සඳහන් කළේය.