පේරාදෙණිය, බදුල්ල, චෙන්කලාඩි මාර්ගය නැගෙනහිර පළාත හා මධ්‍යම පළාත සම්බන්ධ කරන ප්‍රධාන මහා මාර්ගයකි. එහි පේරාදෙණිය සිට බදුල්ල දක්වා මාර්ග කොටස මේ වනවිටත් පිළිසකර කර ඇත. බදුල්ල සිට චෙන්කලාඩි දක්වා වූ කිලෝමීටර් 151.3 වන ඉතිරි කොටස ඇ.ඩො. මිලියන 140 ක ඇස්තමේන්තුගත වියදමකින් සංවර්ධනය කිරීමට කිරීමට කැබිනට් අනුමැතිව ලැබී තිබේ.