මධ්‍යම කඳුකරයට ඊයේ (11දා) රාති‍්‍රයේ සිට අධික වර්ෂාව ලැබෙමින් තිබේ.
අධික වර්ෂාවත් සමග හැටන් දික්ඔය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වී ඇති අතර, දික්ඔය තේ කර්මාන්ත ශාලාව අසල පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇත.
දික්ඔය ෆොර්ඩයිස් වතුයායේ වතු නිවාස රැසක්ද ජලයෙන් යට වී ඇති තිබේ. මාඋස්සාකැලේ හා කාසල්රී ජලාශවල ජල මට්ටමද ඉහළ යමින් පවතින අතර, අධික වර්ෂාව නිසා මධ්‍යම කඳුකරයේ වාහන ගමනාගමනයටද බාධා සිදු වී තිබේ.