මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යපෘතිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට හෝ අමාත්‍යාංශ නිලධාරීන්ට කිසියම් හෝ චෝදනා ඇත්නම් ආදාළ ආයතනවලට පැමිණිලි කරන ලෙස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (19දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එලෙස පැමිණිලි කිරීමෙන් වැරදිකරුවෝ බවට පත්වුවහොත් එම වගකීම භාරගැනීමට තමන් සුදානම් බවද කිරිඇල්ල අමාත්‍යවරයා පැවසුවේ පාර්ලිමේන්තුවේ අධිවේගී මාර්ග විවාදයට එක්වෙමිනි.
මහා මාර්ග අමාත්‍යාංශය සෑම මාර්ගයක්ම ටෙන්ඩර් අනුව ලබාදෙන බවද, තමාට කිසිවෙකුගේ මුදල් අවශ්‍ය නොවන අතර අවශ්‍ය තරම් මුදල් තම පවුල සතුව ඇති බවද අමාත්‍යවරයා කීවේය.