මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වහාම නවතා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් විධිමත් අධීක්ෂණයකට ලක් කළයුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධාය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අධිවේගී මාර්ග පිළිබඳ පාර්ලිමේන්තු කල්තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අද (19දා) හෙතෙම මේ බව පැවසීය.
එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉතා ඉක්මනින් ස්ථාපිත කළයුතු බවද අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉංජිනේරු ඇස්තමේන්තුව හා සසදා බලන විට එකඟ වී ඇති ඇස්තමේන්තුව රුපියල් බිලියන 14 ක වැඩිවීමක් තිබෙන බවද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.