කළුතර දිස්ත්‍රික්කය තුළ යුද හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, එම කඳවුර මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාපිත කිරීමට කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනුමැතිය ලැබිණි.
මේ සඳහා අක්කර 15 ක භූමියක් ලබාදෙන ලෙස යුද හමුදාපතිවරයා කළුතර දිසා ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන කමිටු රැස්වීම පැවැත්විණි.
කළුතර සුනිල් එස්. තන්ත්රිආරච්චි