අද (03දා) පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24 තුළ මතුගමට මිලිමීටර් 140.3ක වර්ෂාපතනයක් වාර්තා වූ බවත් එය එම පැය 24 තුළ දිවයිනට බැලපෑ උපරිම වර්ෂාපතනය බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කලුතර දිස්ත්‍රික්කයෙ ස්ථාන කිහිපයකට තදවැසි වාර්තා වූ බවත් පොදුවේ බස්නාහිර හා උතුරු පළාතේ ස්ථාන කිහිපයකින්ද තද වැසි වාර්තා වූ බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එමෙන්ම සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වල ස්ථාන කිහිපයකින් මද වැසිත් සෙසු ප්‍රදේශවල සිහින් වැසි ඇතිවූ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.