මතින් තොර රටක් හදන බවට වර්තමාන ආණ්ඩුව ජනතාවට පොරොන්දු ලබාදුන්නත්, වර්තමාන ආණ්ඩු පාලන කාලය තුළදී හෙරෝයින් හා කොකේන් මත්ද්‍රව්‍ය පමණක් කිලෝ 500කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙන බව මහජන අයිතීන් සුරැකීමේ පදනම සඳහන් කරයි.
මීට අමතරව විෂ දුම් කොළ කුඩු අඩංගු කුප්පි 75,000කට අධික ප්‍රමාණයක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවද අද (31දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංවිධානයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා සඳහන් කළේය.
අදාළ කුප්පි තොගය ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, අදාළ මත්ද්‍රව්‍ය තොගය රේගුවෙන් මුදාගෙන රට තුළට රැගෙන ඒමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බවටත් තොරතුරු හෙළි වී ඇතැයි ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.
මේ නිසා අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ඉතාමත් කඩිනමින් විනාශ කර දමනා ජාතික ප්‍රතිපත්තියක් සකස් විය යුතු බවද හෙතෙම පවසා සිටියේය.