පාසල් දරුවන් ඇතුළු පුරවැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කය මුල් කර ගනිමින් සියළු ආකාරයේ මත් ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය කිරීම සහ මර්ධනය කිරීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව 'මහතින් තොර ගම්පහක්' යන තේමාව යටතේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මේ යටතේ පැවැත්වෙන පළමු දැනුවත් කිරීමේ වැඩසටහන වැඩසටහන රාගම වෛද්‍යපීඨ ශ්‍රවනාගාරයේදී එළැඹෙන 26දා පැවැත්වීමට නියමිතය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා , කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුළපති මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා , ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම පාසල් වල විදුහල්පතිවරු , ගම්පහ ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානීන් ඇතුළු සියළුම පොලිස් ස්ථාන වල ස්ථානාධිපතිවරුන් මේ සඳහා සහභාගීවේ.