මත්වීම සඳහා පෙති වර්ගයක් පානයකල බව කියන බදුල්ල නගරයේ ප්‍රධාන විදුහලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙක් සිහි මුර්ජාවී සිටියදි අද (27දා) උදෑසන බදුල්ල මහ රෝහල ට ඇතුළත්කර ඇතැයි බදුල්ල පොලීසිය පවසයි .
ඔවුන් පානය කලේ කුමන පෙතිවර්ගයක් දැයි මෙතෙක් අනාවරණය වි නැති අතර සිසුන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.