මත්පැන් පානය කොට සිටියදී ඇතිවු කතා බහක් දුරදිග යෑම හේතුවෙන් පුද්ගලයකුට පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් වු මිතුරුන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා පෙරේදා (18දා) මරණ දඬුවම නියම කළේය.
මීට වසර 17කට ඉහතදී කොළඹ ගැනඩ්පාස්, නවගම්පුර ප්‍රදේශයේදී විත්තිකරුවන් මෙම අපරාධය සිදුකොට ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන් තිදෙනාට මෙලෙස මරණ දඬුවම නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ ගැන්ඞ්පාස්, නවගම්පුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අබ්දුල් සමිට් මොහොමඩ් ඉස්ලාම්, නුවන් රංගන ගුණසේකර සහ පුෂ්පාකරන් ජෙයචන්ද්‍රන් හෙවත් අම්මමන් නමැත්තන්ටය.