ළමා හා තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ඡාවාරම් වලට සම්බන්ධ පුද්ගලයන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කල යුතු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය. ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් කොළඹ 07 , නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (28දා) පැවති අධ්‍යාපනික ප්‍රදර්ශනය විවෘත කරමින් ඒ මහතා සඳහන් කළේ මත්ද්‍රව්‍ය චෝදනාවන්ට වැරදිකරුවන් වන අපරාධකරුවන් රටේ අනාගතය විනාශ කරන බවයි.
රටක අනාගත ගමන් මඟ අර්බුදයකට ලක්වීමට මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රධාන සාධකයක් බව සඳහන් කල අමාත්‍යවරයා, ශ්‍රීලංකාව තුල හෙරොයින් ඇතුළු වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය පසුගිය කාල සීමාව තුල සීඝ්රයෙන් ව්‍යාප්තවී තිබූ බව පැවසීය.
වර්තමාන ආණ්ඩුව යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ ප්‍රධාන වැරදිකරුවන්ට නීතියෙන් ගැලවී යාමට කිසිදු ඉඩකඩක් නැතැයි පැවසූ අමාත්‍යවරයා, අධිකරණ ක්‍රියාවලිය මඟින් ඔවුන්ට උපරිම දඩුවම් පමුණුවන බව සඳහන් කළේය. පසුගිය රජය සමයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ සිදුවීම් වාර්තාගත අයුරින් ඉහළ ගොස් තිබූ බව සඳහන් කල අමාත්‍යවරයා, දකුණු ආසියාවේ කුඩු බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට මෙරට පත්ව තිබූ බවද පැවසීය. එම තත්වය පාලනය කිරීමට වත්මන් රජයට හැකිවූ බව සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් පවතින නීති රීති තවදුරටත් දැඩි කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා , එමඟින් රටේ වත්මන් ළමා සහ තරුණ පරපුර මෙන්ම පුරවැසියන් ද මත්ද්‍රව්‍ය ව්‍යවසනයෙන් ආරක්ෂා කරගත හැකි බව සඳහන් කළේය.
පසුගිය සමයේ රට තුලට මත්ද්‍රව්‍ය රැගෙන ආ මාර්ග මේ වන විට අහුරා ඇතැයි පැවසූ අමාත්‍යවරයා, මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ගේ උපක්‍රම හඳුනාගනිමින් ඒවා ඉදිරියේදී සහමුලින්ම විනාශ කරන බව පැවසීය. දරුවන් සහ තරුණ පරපුර ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අවම කිරීමට පාසල් මට්ටමින් සහ විවිධ ආයතනික මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයද අමාත්‍යවරයා අවධාරණය කළේය.