සෑම වසරකම ජුනි මස 26දාට යෙදී ඇති ලෝක මත්ද්‍රව්‍ය විරෝධි ජාත්‍යන්තර දිනයට සමගාමීව නීති විරෝධි මත්පැන් හා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වැඩි කර ඇති බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි..
ඒ අනුව පොලිස් මුලස්ථානයේ අපරාධ කොට්ඨාසයේ දිවා රාත්‍රී ක්‍රියාත්මක වන පරිදි නීති විරෝධි මත්පැන් හා මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබාගැනීමේ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත බවත් දිවයිනේ විවිධ ප්‍රදේශ වල පවත්වාගෙන යනු ලබන නීති විරෝධි මත්පැන් ව්‍යාපාර හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් එයට තොරතුරු දනුම්දෙන ලෙසත් පොලීසිය සඳහන් කරයි.