සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පත්කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය. ලතීෆ් මහතා පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරීවරයාද වෙයි.
එසේම පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකට යොමුකර එහි මිනිම් කටයුතු කිරීමෙන් පසුව ඒ ඒ අධිකරණවලට යොමුකරන බවත් ඔහු සඳහන් කළේය.