මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව වැටලීම් කඩිනමින් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම වේගවත් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මේ සඳහා පොලිස් පරීක්ෂකවරයෙකු යටතේ බුද්ධි තොරතුරු අංශයක් ස්ථාපිත කිරීමට නියමිත බවත් පොලිස් මූලස්ථානය පවසයි.
මේ හරහා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සහ ඇප ලබාසිටින පුද්ගලයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරු ලබාගැනීම, මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවන් හඳුනාගැනීම හා මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා අනුබල දෙන බවට පිළිගත හැකි පුද්ගලයන් හඳුනාගැනීම සිදුකිරීමට නියමිතය.
ඒ හරහා කොට්ඨාස හා පළාත් මට්ටමින් වැටලීම් සිදුකරන බවත්, ඊට අමතරව පොලිස් මූලස්ථානය මගින් වැටලීම් සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.