ඉන්දියානු සාගර කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි අභ්‍යන්තර අමාත්‍යවරුන්ගේ ඉහළ මට්ටමේ රැස්වීමක් මේ මස 29 වැනි දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ.
මෙම රැස්වීම සඳහා මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහාය ලබාදෙන අතර, ශ්‍රී ලංකා රජය, නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය සත්කාරකත්වය දක්වයි. මෙම රැස්වීම සඳහා බංග්ලාදේශය, කොමරෝස්, ඉන්දියාව, ඉරානය, මැඩගස්කරය, මොසැම්බික්, සීෂෙල්ස්, ශ්‍රී ලංකාව, ටැන්සානියාව යන රටවල අභ්‍යන්තර කටයුතු හා ස්වදේශ කටයුතු අමාත්‍යවරුන් නියෝජනය කරනු ඇත.
පාකිස්තානය, කටාර් හා මුරුසිය යන රටවලින් අභ්‍යන්තර ආරක්ෂාව හා මත්ද්‍රව්‍ය පිළිබඳව නීති බලාත්මක කිරීමේ නිලධාරීහුද මෙම අවස්ථාවට සහභාගී වෙති.
මෙහි ප්‍රධාන දේශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැවැත්වීමට නියමිත අතර, %2016 දී මුහුදෙන් මත්ද්‍රව්‍ය අල්ලා ගැනීම්^ එකතුව නමැති කෘතියෙහි පිටපතක් සහ දකුණු මාවතෙහි තර්ජනය පිළිබඳ ඇගයීමද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමට නියමිතය.
මත්ද්‍රව්‍ය නීති බලාත්මක කරන නියෝජිතායතන ප්‍රධානීන්ගේ රැස්වීමක්ද මෙම මස 28 වැනි දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී පැවැත්වෙන අතර, මෙහිදී 2016 දී දක්ෂිණ මාවතේ මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ ප්රවණතා, දක්ෂිණ මාවතේ මත්ද්‍රව්‍ය වෙළෙඳාම් සහ වෙරළබඩ රාජ්‍ය කෙරෙහි බලපෑම්, ඉහළ/පහළ බෙදාහැරීම් ජාල සෙවීමට මත්ද්‍රව්‍ය මුද්දර භාවිතය පිළිබඳ සංග්‍රහය පිළිබඳ අදහස් දැක්වීම සිදු කෙරෙනු ඇත.