ආසියානු කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීමට කලාපීය සහයෝගිතාව ලබාගැනීම සඳහා නිල ඉල්ලීමක් සාක් සමුළුවේදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
මෙරට නිල සංචාරයකට පැමිණ සිටින පාකිස්තානු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා අද (09දා) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේදී හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා මේබව ප්‍රකාශකළේය.
මෙරට ආරක්ෂක හමුදා නිලධාරීන්ට පුහුණුව ලබාදීමට පාකිස්තානු රජය දැක්වූ සහාය වෙනුවෙන් සිය ස්තුතිය පළකළ ජනාධිපතිවරයා, ජාත්‍යන්තර සමුළුවලදී පාකිස්තානු රජය ශ්‍රී ලංකාවට දැක්වූ සහාය පිළිබඳවද සිය කෘතඥතාව පළ කළේය.
මේඅතර පකිස්ථානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හමු විය. ඒ ඊයේ (08දා) අරලියගහ මන්දිරයේදීය. එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා ඇතුළු දූත පිරිස තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සිටිති.