නීති විරෝධී මත්ද්‍රව්‍ය හා ස්නායු උත්තේජන ද්‍රව්‍ය රටට ඇතුළු වීම මගින් සිදුවන අහිතකර බලපෑම් අවම කරගැනීම සඳහාත්, රේගු කටයුතු සම්බන්ධයෙන් අන්‍යොන්‍ය සහාය හා සහයෝගීතාව ඇති කරගැනීමටත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලද බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
අද (15දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ගිවිසුම මගින් රේගු කටයුතු කාර්යක්ෂමව හා ඵලදායී ලෙස සිදු කිරීමට හැකිවනු ඇති බවයි.
එසේම රේගු නීති කඩකිරීම වැළැක්වීමත්, විමර්ශන කටයුතු සිදුකිරීමත්, පුහුණු කටයුතු සහ අනෙක් පාර්ශ්වයේ ඉල්ලීම මත අවශ්‍ය වන තොරතුරු ලබාදීමත් යන අරමුණු ඉටු කරගැනීම සඳහා මෙම ගිවිසුමට එළඹීමට තීරණය කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.