මාර්තු මාසය වනවිට මත්තල ගුවන්තොටුපළේ ස්ථාපිත කර ඇති වී ගබඩාව ඉවත් කර ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට පටන් ගන්නා බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාපැවසීය.
ඒ හරහා ගුවන් යානා පැමිණෙන ගුවන් තොටුපොළක් බවට මත්තල පත්කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. හම්බන්තොට, රන්න ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය .
“හම්බන්තොට සංවර්ධනයේ ප්‍රධාන ව්‍යාපෘති හතරම නතර වෙන්න ගියා. අධිවේගය ,කෝච්චි පාර,ගුවන් තොටුපළ, වරාය යන ව්‍යාපෘති හතරම ක්‍රියාත්මක කරගන්න හැකි වුණේ මම මේ ආණ්ඩුවේ අමාත්‍ය වරයෙක් විදියට හිටිය නිසා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.