මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගබඩාකර තිබූ වී තොග ඉවත් කිරීමේ කටයුතු අද(14දා) ආරම්භ විය.
පශු සමපත් හා ග්‍රාමිය ආර්ථික සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් වී තොග ඉවත් කිරීම සිදුවිය.
මූලික වශයෙන් වි කිලෝ 595,000 ක් මුදා හැරිම සිදු කළ අතර ඉදිරි දිනවල සියළු තොග ඉවත් කරන බව ඇමැතිවරයා කීය.
වී අලෙවි මණ්ඩලය වි කිලෝවක් රුපියල් 45 ට මිළ දී ගෙන 42 ට අලෙවි කිරීම සිදු කරයි.