රජයේ දේපොළ විදේශ බහුජාතික සමාගම්වලට විකිණීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අවසන් කළ බවත්, එසේ විකුණනවා යැයි සිදුකෙරෙන ප්‍රකාශ අසත්‍ය ඒවා බවත් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ දේපොළ විදේශ බහුජාතික සමාගම්වලට විකිණු අවසන් ව්‍යාපෘතිය ෂැංග්‍රීලා හෝටල් ව්‍යාපෘතිය බවත්,
හෙතෙම සඳහන් කළේය.
අද දින (09දා) මට්ටක්කුලිය ලංකා ධීවර සංස්ථා පරිශ්‍රයේ ඉදිකළ නව ශීතාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
යුරෝපා සංගමයේ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීමත් සමග ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයන ආදායම මේ වසරේදී සියයට 44කින් ඉහළ ගොස් ඇති බවද හෙතෙම පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අපේ රජය යටතේ කිසි දිනෙක රජයේ දේපොළ විකුණන්නේ නැහැ. චීනයට විකුණා තිබූ වරාය නගර ව්‍යාපෘතිය බදු පදනමකට හරවා ගැනීමට අපිට හැකි වුණා. ඒ වගේම තමයි හම්බන්තොට වරායවත්, මත්තල ගුවන් තොටුපොළ වත් විදේශ රටවලට විකුණන්නේ නැහැ.
ඒවා යහපත් කළමනාකරණයක් යටතේ ආදායම් ඉපයීම පිණිස බදුදෙනවා. එසේ නැතිව මේ දේපොළ විකුණා දමනවා යැයි ඇතමුන් කියන ඒවා පට්ටපල් බොරු” යනුවෙන් ප්‍රකාශ කළේය.