සාකල්යා සඳමාලි
දකුණු ආසියාවේ ප්‍රථම ස්ථිර ගුවන්තොටුපොළ පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව තුළ ඉදිකිරීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා ප්‍රකාශ කළේය.
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මෙසේ ගුවන්තොටුපළ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කරන බවත්, ඒ අනුව ගුවන් නියමුවන්, ගුවන් ගමන් පාලකයන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙහිදී පුහුණු කරවීමට අපේක්ෂිත බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ප්‍රංශයේ INAC ආයතනය සමග ඔවුන්ගේ දකුණු ආසියාවේ ගුවන් තොටුපොළ පුහුණු මධ්‍යස්ථානය ලෙස මෙසේ මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනයකොට දැනට ඒ සඳහා උත්සාහ ගන්නා ඉන්දියාවට එය ලබාගැනීමට අවස්ථාව නොදෙන බවත් රෙජිනෝල්ඩ් කුරේ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මීට අමතරව ගුවන් යානා අලුත්වැඩියාවට, නඩත්තුව ඇතුළු කාර්යයන් සිදුකිරීම සඳහාද මත්තල සූදානම් කරන බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ තීරුබදු රහිත වෙළෙඳ නගරයක් මත්තල ආශ්‍රිතව ගොඩනංවන බවයි. ඒ අනුව ඉන්දියාව වැනි රටවල සිට සාප්පු සවාරි සඳහා මෙරටට පැමිණෙන විදේශිකයන් ප්‍රමාණය ඉහළ නැංවීමට අපේක්ෂිතය.
එසේම මත්තල ගුවන් තොටුපළ වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එවැනි ජාතික අපරාධයක් තමා නොකරන බවයි.