මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට ලබා දෙන්නේද, නැතිද යන වග මෙතෙක් තීරණය කර නොමැති බවත්, මත්තලින් ලැබෙන ආදායම මෙන් දසගුණයක ණය ගෙවීමට සිදුව ඇති බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද(09දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ කල්තැබීමේ යෝජනාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේබව පවසා සිටියේය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් සිරිපාලද සිල්වා මහතා,
&මත්තල අවුරුදු 49ක් බදු දෙන්න හෝ විකුණන්න තවම තීරණය කර නැහැ. මත්තල ගුවන්තොටුපළ කාර්යක්ෂමව පවත්වාගෙන යෑම සඳහා අයෝජකයන් සොයා ගැනීමට තීරණය කර තිබෙනවා.
අපි කැමැති විදිහට මත්තලට ගුවන්යානා එන්නේ නැහැ. අවශ්‍ය පහසුකම් මෙතැන නැහැ. මෙහි තිබෙන්නේ ගුවන්තොටුපළක් නොවෙයි ගුවන්තොටුපළින් භාගයයි. එදා මහින්ද රාජපක්ෂ මහතා වරාය නගරය, ෂැන්ග්‍රිලා හෝටලට විකුණද්දී අපිත් කටවහගෙන හිටියා. එදා ආයෝජකයෝ හොඳනම් අද කොන්දේසි සහිතව ආයෝජකයන්ට ලබාදෙද්දි මොකද්ද තියෙන වැරැද්ද. ඉන්දියාව මෙහි ආයෝජනය කරන්න කැමැති බව කිව්වා. ඒ මිලදී ගන්න නොවෙයි..මත්තලින් ලැබෙන ආදායම වගේ දසගුණයක් අපි ණය ගෙවනවා. මේක මොන ජාතික අපරාධයක්ද* යැයි පැවසීය.