මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීම සිදුකිරීම පොලිස් විශේෂ කාර්ය බළකායට පවරන ලෙසට නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස් මූලස්ථානයට උපදෙස් ලබාදී තිබේ.
මීට අමතරව මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඬලීම සඳහා කටයුතු කරන පොලිස් නිලධාරීන් අතර දූෂිත හා අකාර්යක්ෂම නිලධාරීන් සිටිනවා නම්, ඒ පිළිබඳව පොලිස් කොමිසමට වාර්තා කර ඔවුන් ඉවත් කර ඒ වෙනුවට සුදුසු නිලධාරීන් යොදවන ලෙසටත් උපදෙස් ලබාදී ඇත.
මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ යන අංශ එකට ගමන් කරන නිසා එය මැඬලීමේදී ප්‍රජාවගේ සහය ලබාගන්නා ලෙසටත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසටත් උපදෙස් ලබාදී තිබේ.
මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඬලීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් සමග අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබාදී ඇත.