දුම්වැටි, මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවියට විරෝධය පළකරමින් අද (30දා) පෙරවරුවේ සූරියවැව නගර මධ්‍යයේදී දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි.
සූරියවැව අමද්‍යප සංවිධානය, තරුණ එකමුතුව, ප්‍රදේශවාසීන්, දහම් පාසල් එකමුතුව, හම්බන්තොට කාන්තා මහා සංගමය හා සූරියවැව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු දහසකට අධික පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සූරියවැව නගරය වටා ගමන්කර ප්‍රධාන බස්නැවතුම්පළ ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වූහ.
සූරියවැව පාසල් ළමුන් 80%ක් පමණ දුම්වැටි හා මත්පෙතිවලට ඇබ්බැහි වී ඇති බවත්, පෞද්ගලික පන්ති පවත්වන ස්ථාන ආශ්‍රිතව වැඩි වශයෙන් රහසිගත ලෙස මෙම මත්ද්‍රව්‍ය අලෙවි වන බවත් විරෝධතාකරුවෝ පැවසූහ.
සූරියවැව - නුවන් ජයසේකර
සූරියවැව - නුවන් ජයසේකර