සුප්‍රකට ගත්කතුවර මාටින් වික්‍රමසිංහයන් විසින් රචනා කරන ලද මඩොල් දූව කෘතිය ඇසුරින් ජනාදරයට පාත්‍ර වූ මඩොල් දූව, සංචාරකයන් ඉවත දමන කැළි කසළ හේතුවෙන් දඩි අපිරිසුදු තත්ත්වයට පත් වී තිබේ.
එහි තැනින් තැන ඉවත දමන ලද පොලිතීන්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත. මෙහි බොහෝ තැන්වල තබා ඇති කැළි කසළ බඳුන් පිරිසිදු කිරීමේත් ඒවා ගොඩබිමට රැගෙන ඒමේත් වගකීම පැවරී ඇති හබරාදූව ප්‍රාදේශීය සභාව එම කර්තව්‍ය භාර දී ඇත්තේ දූවට සංචාරකයන් ප්‍රවාහනය කරන කණ්ඩායම්වලටය.සිය ජීවිකාව වෙනුවෙන් සංචාරකයන් මඩොල් දූවට ප්‍රවාහනය කරන මෙම පුද්ගලයන්ට කැළි කසළ ඉවත් කිරීම සම්බන්ධව නිසි අවබෝධයක් නොමැතිවීම නිසා කැළි කසළ තැනින් තැන ගොඩ ගැසී තිබේ.
මේ වන විට එහි ඇති වනාන්තරය ආශ්‍රිතවත් ඒ තුළ පිහිටා ඇති ඇතැම් ස්ථානවලත් කැළි කසළ දමා තිබේ.සංචාරකයන්ට අවවාද කිරීමට අත්‍යවශ්‍ය පුවරුවක් හෝ සවි කිරීමට ප්‍රාදේශීය සභාව කර නොමැතිවීම මෙම තත්ත්වය ඇතිවීමට හේතුවක් බව අවට ප්‍රදේශවාසීහු පවසති. උද්ගතව ඇති මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමු කොට මෙම ගැටලුවක් ලබාදෙන ලෙස ඔවුහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.