මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන වහන්සේ තමන්ට මරණීය තර්ජන ඇති බව පවසමින් කොළඹ පොලිස් මූලස්ථානයේ සහන එකකයේ පැමිණිල්ලක් කර තිබේ.
එසේම තමන්ට පැවැති පොලිස් ආරක්ෂාවද ඉවත්කළ ඇති බවද උන්වහන්සේ පවසති.
යම් හෙයකින් තමන්ගේ ජීවිතයට හානියක් සිදුවුවහොත් ඒ පිළිබඳ වගකීම පොලීසිය විසින් භාරගත යුතු බවත් උන්වහන්සේ පවසති.
මඩකලපුවට පවතින එකම බෞද්ධ විහාරය මංගලාරාමයද වෙයි.
මෙම විහාරයේ විදුලිය විසන්ධි කිරීමට පැමිණි ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් අතර මත ගැටුමක් ඇති වීමේ සිදුවීම පිළිබඳව වූ විඩියෝවක් අන්තර්ජාලය හරහා ප්රසිද්ධ වූ අතර එයට මුහුණ දුන් ස්වාමීන් වහන්සේද අම්පිටියේ සුමනරතන හිමියෝ වෙති.