අලුත උපන් බිළිඳෙකුගේ මූත්‍රා පද්ධතිය හා අවයව අසාමාන්‍ය ලෙස ශරීරයේ පිටතින් පිහිටා තිබියදී එය සැත්කමකින් අනතුරුව සාමාන්‍ය අයුරින් බද්ධ කිරීමේ සාර්ථක සැත්කමක් පිළිබඳව මඩකලපුව ශික්ෂණ රෝහලින් වාර්තා වේ.
මඩකලපුව, මන්චාන්තෝඩුවායි ප්‍රදේශයේ දරුවෙකුට මෙම සැත්කම සිදුකර ඇත.
සති තුනක් වයසැති දරුවා සහ මව සුවයෙන් පසුවන බවද ළමා විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය සම්පත් හේරත් මහතා 'අද'ට ප්‍රකාශ කලේය. පැය (06)ක පමණ කාලයක් සැත්කම සඳහා ගතව ඇති බවත්, දරු උපත් 30000 – 50000ත් අතර එක් දරු උපතක් මෙසේ අසාමාන්‍ය අයුරින් දක්නට ලැබෙන බවත් පැවසූ වෛද්‍යවරයා, එසේ සිදුකරන සැත්කම් සාර්ථක වීම දුර්ලභ බවද පැවසීය.