මඩකලපුව ගුවන් තොටේ ධාවන පථය විවෘත කෙරේ
මඩකලපුව අභ්‍යන්තර ගුවන් තොටුපොළේ නවීකරණය කරනලද ගුවන් ධාවන පථය සහ අලුතෙන් ඉදිකළ මගී පර්යන්තය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10දා) පෙරවරුවේ විවෘත කෙරිණි.
මඩකලපුව ගුවන් පථයේ නවීකරණ කටයුතු සඳහා පූර්ණ දායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලබාදී තිබූ අතර, මීටර 1,560ක දිගින් යුතු ගුවන් පථය ප්‍රතිසංස්කරණය සඳහා වැය කළ මුදල රු.මිලියන 1,143ක් බව කියයි.
මඩකලපුව අභ්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු ගුවන් හමුදාව විසින් සිදුකරනු ලැබුවත් 2016/07/28 දින ගැසට් පත්‍රය අනුව එහි අයිතිය සිවිල් ගුවන් සේවා අධිකාරියට පවරා ගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලස සිල්වා මහතා කටයුතු කර තිබුණි. ඒ සඳහා පසුගිය මැයි 31 වැනිදා ඉදිරිපත් කරනලද කැබනට් පත්‍රිකාවට ජුනි 14 වැනිදා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමිව තිබුණි.
මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල යන මහත්වරු ප්රමුඛ මැති ඇමතිවරු හා ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.
ඡායාරූප - ප්‍රදීප් පතිරණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.










