පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දැක්වීම සඳහා දෙසැම්බර් 07 වැනිදා ආණ්ඩුවෙන් ඉවත්වී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීම නිසා එදා පටන් තම සැමියාට ජීවිත තර්ජන තිබූ බව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රා දේශීය සභා සභාපතිගේ බිරිඳ වන තිවංකා සෝලංග ආරච්චි මහත්මිය පැවසුවාය.
මේ නිසා තම සැමියා ජීවිත ආරක්ෂාව පතා නිවසින් බැහැරව ගොස් සිටින බවද, ඔහු සිටින්නේ කුමන ප්‍රදේශයේද යන්න තමන් නොදන්නා බවත් ඇය පැවසුවාය. එසේ වුවද ආරක්ෂක නිලධාරීන් පැමිණ තමාට සහ තම සැමියාගේ හිතවතුන්ට විවිධ බලපෑම් කරමින් ප්‍රසන්න සෝලංගආරච්චි පොලීසියට ලබාදෙන ලෙසට ඉල්ලා සිටින බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ඊයේ (29දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ තිවංකා සෝලංගආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසුවේ යම් පුද්ගලයෙකුට තුවක්කුවක් ලබාදුන් බවට සඳහන් කරමින් තම සැමියා අත්අඩංගුවට ගැනීමට නිල ඇඳුමෙන් සහ සිවිල් ඇඳුමින් සැරසුණු ආරක්ෂක නිලධාරීන් කොළොන්නාව නගරයේ පැය 24 පුරාම සැරිසරන බවය.