(VIDEO) තමා සටන් කරන්නේ අධිකරණය ස්වාධීන කිරීමට බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය. අද (25දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඔහු මේ බව පැවැසීය.
තමන් අධිකරණයට හා නීතියට ගරු කරන බවත් බැඳුම්කර හොරු ඇතුළු සියල්ලන්ටම නීතියෙන් දඩුවම් ලබා දිය යුතු බවත් ඔහු පැවැසීය.
අඹගෙඩි තුනක් කඩා ගත් දුප්පත් කාන්තාව හිරේ යන බවත් විශාල වශයෙන් සොරකම් කළ පුද්ගලයින් වැඩි මුදලක් ගෙවා ජනපති නීතිඥවරුන් සමග එක්වී නීතියෙන් බේරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අවස්ථාව මහාචාර්ය කාලෝ ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශු මාරසිංහ, එම්.ඒ. සුමන්තිරන්, ගායන ශිල්පි සුනිල් පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
වීඩියෝ ඒෂාන් ප්‍රනාන්දු