පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා වෙත අද (23දා) පාර්ලිමේන්තුවේදී අවවාද කළේය. ඒ කථානායකවරයාට අයත් කාර්යයන් නොකරන ලෙසය. පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා නිවාස හා සමෘද්ධි අමාත්‍යවරයාගෙන් 2011 දැයට කිරුළ වැඩසටහනේ ජන සෙවණ නිවාස ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රශ්න කළේය. මෙයට ලැබුණු පිළිතුරුවලට අමතරව නලීන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ, හිටපු නිවාස අමාත්‍යවරයාගේද අදහස් දක්වනවා නම් එය සුදුසු බවයි.
ඔහු එසේ ප්‍රකාශ කළ අවස්ථාවේ කථානායක චමල් රාජපක්ෂ මහතා "මගේ වැඩේ කරන්න යන්න එපා" යනුවෙන් මන්ත්‍රීවරයාට අවවාද කර සිටියේය.