තමා හා තම පියා (මහින්ද රාජපක්ෂ) පමණක් දේශපාලය කළ බවත්, ඒ අනුව තමා හා තම පියා දේශපාලන පළිගැනීම් සඳහා මුහුණදීමට සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එසේම තමාගේ මව හා සහෝදරයින් එවැනි පළිගැනීම් සඳහා යොදා නොගනීවියැයි තමන් සිතන බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කරයි. සිය මවට (ශිරන්ති රාජපක්ෂ) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීම පිළිබඳව සිය ෆේස් බුක් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි.
"මගේ මව හැමවෙලේම දේශපාලනයෙන් ඉවත්ව සිටියේ. පළිගැනීම යහපාලනය නොවෙයි. මම හා ජනපති මහින්ද රාජපක්ෂ ඕනෑම වෙලාවක දේශපාලන පළිගැනීම් සඳහා සූදානම්. මගේ මව හා සහෝදරයින් ඔවුන් අත්හරීවියයැ මම හිතනවා" යැයි ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කරයි.