රටේ මෙතරම් දැවෙන ප්‍රශ්න තිබියදී තමාගේ ආසනයේ වෙනත් පුද්ගලයෙකු අසුන්ගත් සිදුවීමට මෙතරම් ප්‍රසිද්ධියක් ලබාදෙන්නේ මන්දැයි කථානායක කරු ජයසූරිය මහතා අද (22දා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
තමාගේ ආසනය එතරම් ප්‍රශ්නයක් වීමට කාරණයක් නොවන බවත්,ඕනෑම අවස්ථාවක ආසනය අත්හැරීමට සූදානම් බවත් කථානායකවරයා මෙහිදී පැවසීය.
කථානායක ආසනයේ පාර්ලිමේන්තු ඉංජිනේරුවරයා අසුන්ගැනීම පිළිබඳ වාර්තාකළ මාධ්‍යවේදීන්ට අදාළ ඉංජිනේරුවරයා තර්ජනය කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා පාර්ලිමේන්තුවට දැනුම්දුන් අවස්ථාවේ කථානායකවරයා මේබව කීය.
මේසම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ නිලධාරියෙකු මෙලෙස මාධ්‍යයට තර්ජනය කිරීම පිළිබඳ වහා සොයාබැලිය යුතු බවයි.
මේ සම්බන්ධයෙන් තමා පරීක්ෂණයක් පවත්වන බව කථානායකවරයා මෙහිදී පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
“මගේ පුටුවේ ඉඳගැනීම මේතරම් ප්‍රසිද්ධ වෙන්න දෙයක් නෙවෙයි. රටේ දැවෙන ප්‍රශ්න බෙහොමයක් තියෙද්දි ඇයි මේ පුටුවක් ගැන අල්ලගෙන ඉන්නේ. ඒගැන මම පරීක්ෂණයක් කරන්නම්. ඇතුළෙ පාලනය මම කරන්නම්.මගේ පුටුව මට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මම ඕනෑම වෙලාවක මේක දෙන්න ලෑස්තියි" යනුවෙන්ද කථානායකවරයා කියා සිටියේය.