නීතිඥයන් සම්බන්ධයෙන් තමා පැවසූ ප්‍රකාශයෙන් ඇතැම් විනිසුරුවරුන් ඇතැම් නීතිඥයන් කලබලවූවාට කිසිදු ගැටලුවක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසීය.
ඉතාම හොඳ විනිසුරුවන් හා නීතිඥවරුන්ද මෙරට සිටි බවත්, කමා පැවසුයේ බහුතරය පිළිබදව බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. තම ප්‍රකාශය වැරදියට තේරුම් ගෙන ඇති බවත්, තමන්ට නඩු පැවරීමේදී අධිකරණය මගින් තමාව බේරාගනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. හෙතෙම මේ බව පැවසූයේ අද(29දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.