මින් ඉදිරියට තමාගේ දේශපාලන නායකයා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමෙන් අනතුරුව ඔහු මේ බව කියා සිටියේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆොන්සේකා මහතා සඳහන් කළේ, තමා නායකත්වය දැරූ ප්රජාතන්ත්රවාදී පක්ෂය විසුරුවා හැරීමක් සිදුනොවන බවයි.
එහෙත් පක්ෂයේ කෘත්‍යාධිකාරි සාමාජිකයන් ඇතුළුව ප්‍රබලයන් සියලුදෙනා එජාපයේ සාමාජිකත්වය ලබාගන්නා බවද ඔහු කීය.2020 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම අරමුණු කරගෙන තමා එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ බවද හෙතෙම පවසා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, තමාගේ ආරාධනය මත සරත් ෆොන්සේකා මහතා එජාපය සමග එක්වූ බවයි.
එම පක්ෂයේ සාමාජිකයන්ට දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් එක්සත් ජාතික පක්ෂයේ වගකීම් පවරන බවද ඒ මහතා කියා සිටියේය.
මෙහිදී සරත් ෆොන්සේකා මහතාට එජාප සාමාජිකත්වය පිරිනමනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂිම් මහතා විසින් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට සහ ආසන සංවිධායකයන්ටද මෙහිදී එජාප සාමාජිකත්වය පිරිනමනු ලැබීය.