කල්පිටිය කන්දකුලිය ප්රසිද්ධ සංචාරක හෝටලයක පසුපස මුහුදු තීරයේ දින තුනක් තිස්සේ නැංගුරම්ලා තිබෙන අර්ධ සුඛෝපභෝගි මගී යාත්රාවක් හේතුවෙන් කල්පිටිය අර්ධද්වීපයේ මුහුදු සංචාරක කර්මාන්තයේ නියැළී සිටින ධීවරයෝ කැළඹීමට පත්ව සිටිති.
මෙම යාත්රාව කල්පිටිය කන්දකුලිය මුහුදු තීරයට පැමිණ එහි නැංගුරම්ලා තිබේ. මේ නිසා සංචාරක කර්මාන්තයේ නියැළී සිටින 80කට අධික යාත්රා හිමියෝ තම රැකියාවට තර්ජනයක් එල්ලවෙතැයි බිය පළ කරති. එසේම මෙම යාත්රාව මුහුදු තීරය දිගේ යාත්රා කොට ඇත්තේ බලපත්රයක්ද නැතුව බව ඔවුහු පවසති. මෙය මුහුදු සංචාරක කර්මාන්තය සඳහා යොදාගන්නා නවීන පහසුකම්වලින් යුත් එකක් බවත් සංචාරක කර්මාන්තයේ නියුතු යාත්රා හිමියෝ පෙන්වාදෙති.