කෑගල්ල නගරයේ පදික මාරුවක් මතින් ගමන් කරන විට ඇකිරියගල සිට කෑගල්ල දක්වා ධාවනය වූ මගී ප්රවාහන බස් රියකට යටවී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
දැරිය උපකාරක පංතියකට සහභාගීවීම සඳහා සිය මිත්තණිය සමග ගමන් කරමින් සිටින විට මෙම අනතුර සිදුව තිබේ. අද පෙරවරු 7.55ට පමණ අනතුර සිදුව ඇති අතර දැරිය පෙරවරු 9.45ට පමණ මියගොස් ඇත.
මිත්තණිය සුළු තුවාල ලබා කෑගල්ල රෝහලේ ප්රතිකාර ලබන අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.