සෞදි අරාබියේ, මක්කම හජ් වන්දනාවේ තෙරපීමෙන් මියගිය ඉරාන ජාතිකයන් සංඛ්‍යාව 464 දක්වා දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව එරට බලධාරීන් පවසයි.
ඒ අනුව, හජ් වන්දනාවේ ගොස් අතුරුදන් වූවන් තම වැසියන්ගෙන් කිසිවෙකුත් ජීවතුන් අතර සිටිය හැකි බව විශ්වාස කළ නොහැකි යැයි එරට බලධාරීන් වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත්, සෞදි බලධාරීන්ට අනුව සෞදියේ තෙරපීමෙන් මියගිය සංඛ්‍යාව 769කි. එමෙන්ම, තවත් 934 දෙනෙකු තුවාල ලබා තිබේ.
එහිදී, වන්දනාකරුවන් හැසිරවීමේ දුර්වලතා සම්බන්ධයෙන් සෞදියට දැඩි චෝදනා එල්ල වන අතර, ඉරානය එසේ චෝදනා නගන්නන්ගෙන් ඉදිරියෙන්ම සිටියි.
ඉරානය පවසන්නේ මියගිය පිරිස 1,000 ඉක්මවන බවයි. එමෙන්ම, පාකිස්තානය, ඉන්දියාව හා ඉන්දුනීසියාවද පවසන්නේ මියගිය පිරිස සෞදිය නිල වශයෙන් පවසන පිරිසට වඩා වැඩිවිය හැකි බවයි.