මංතීරු නීතිය උල්ලංඝනය කරමින් රථවාහන ධාවනය කළ සහ නවතා තැබූ රියදුරන් 13,095කට දින 30ක කාලයක් තුළදී නඩු පවරා ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
නොවැම්බර් පළමුවැනිදා සිට 30 වැනිදා දක්වා මෙම නඩු පැවරීම් සිදුකර තිබෙන බවත්, ඒ යටතේ නීතිවිරෝධී ආකාරයට මංතීරු හරහා ගමන් කළ රියදුරන් 7,874කට හා තහනම් ස්ථානවල වාහන නවතා තැබූ රියදුරන් 1936 දෙනෙකුටද, වමෙන් ධාවනය නොකළ රියදුරන් 3,285 දෙනෙකුටද එරෙහිව නඩු පවරා තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.